කෝච්,කැප්ටන් දෙන්නම මට කිව්වා ටෙස්ට් වලත් ඕපන් කරන්න කියලා.ඒක ලොකු චැලේන්ජ් එකක්.(සම්පූර්ණ කතාව)


                                            '' මෙහෙමයි ඒ බෝලේ ලූස් බෝල් එකක් ඇත්තටම.මගේ අතේ බෝලේ වැදුන ඒ පේන් එක තියෙනවා ඇත්තටම.නමුත්,පේන් එක තියාගෙන සෙල්ලම් කරන්න ඕන කොහොමත්.
           නමුත් මගෙ අත අතෑරෙනවා එක මොහොතකදී එතකොට බැට් එක ස්ලයිස් වෙනවා.මම සතුටු වෙන්නෑ ලකුණු 60 ක් ලබාගෙන හිටියදි ඒ වගේ දැවී යාමක් උනාම.

අර්ධ ශතකයක් ගත්තම සතුටුයි.නමුත් සෑහීමකට පත්වෙන්න බෑ මොකද,ගොඩාක් සෙට් වෙලා ඉද්දි ඒ වගේ පාරක් ගහලා අවුට් උනාම මම මගේ පැත්තෙනුත් කලකිරීමකට පත්වෙනවා.මට අන්තිම මැච් ටිකේදි ලොකු සීයක් තාම ගහගන්න බැරි උනා.ඉතින් ගොඩාක් වෙලාවට මම කල්පනා කරන්නෙ කොහොමද මෙතනින් එහාට යන්නෙ කියලා.මම කොහොමවත් සෑහීමකට පත්වෙන්නෙ නෑ 60 ක් ගහලා දැවී ගිය එකට.

එක්දින වලදි ඕපන් කරන්න ගොඩක් කැමතියි.කෝච් කැප්ටන් දෙන්නම මට කිව්වා ටෙස්ට් වලත් ඕපන් කරන්න කියලා.ඒක ලොකු චැලේන්ජ් එකක්.නමුත් මම ඒක භාරගත්තා.ඒ චැලේන්ජ් එක ගත්තා ඒකට පුලුවා සාධාරණයක් ඉශ්ට කරන්න මම මගේ පැත්තෙන් බලනවා.මට දැනට තේරීගෙන යන විදිහට මම ගොඩක් කැමැත්තෙන් තමයි ඕපන් කරන්නෙ.

තනතීරුව දඟ කැවෙනවා නමුත් අපි හිතන තරම් අමාරු නෑ ඒක.හෙට දවසෙ අපි සෙල්ලම් කරොත් අපිට පුලුවන් වෙනවා හොඳ ලකුණු ගානක් අරගෙන ඒ අයට චැලේන්ජ් කරන්න.ඉතින් පුලුවන් තරම් අපි කරන්න ඕනෙ කඩුලු අඩුවෙන් ලොකු පාර්නර්ශිප් දාන්න.එතකොට එයාලට ප්‍රෙශර් එක වැඩි වෙනවා.

පලමු ඉනිමෙදි අපි සෙල්ලම් කරපු විදිහ ඇත්තටම අනුමත කරන්න බැහැ.මොකද අපි විසින්ම දැවී යාම තමයි උනේ.හෙට දවස අපිට ගොඩාක් වැදගත්.ඉතින් ඉන්න බැට්ස්මන් ලා බලන්න ඕන හෙට session by session සෙල්ලම් කරන්න.''

 - Kusal Janith Perera -

Post a Comment

0 Comments