කුසල් මෙන්ඩිස් ලෝක වාර්තාවක් අභියස 😢


                                                                   මේ දිනවල ජාත්යන්තර ටෙස්ට් පිටියේ කුසල් මෙන්ඩිස් කියන ක්රීඩකයාව කැපී පෙනෙන අයුරු හැමෝම දන්නා කරුණක්.

ඊට හේතුව වනුයේ,පසුගිය දකුණු අප්රිකාව සමඟ පැවති ටෙස්ට් තරඟාවලියේදී කුසල් මෙන්ඩිස් ඉනිම් හතරේදිම ලබාගත්තේ ලකුණු 12 කි.එයට බිංදු 3 ක් ද ඇතුලත් වේ. (12,0,0,0)

එම තරඟාවලියේදී පිට පිට බිංදු 3 ක් ලබාගත් කුසල් මෙන්ඩිස් ඊයෙන් ඇරඹුණු එංගලන්තය සමඟ පලමු ටෙස්ට් තරඟයේ පලමු ඉනිමේදීද ලකුණු නොලබා දැවී ගියා.

කුසල් මෙන්ඩිස් මේ වන විට ලකුණු නොලබා අවස්තා 24 කදී දැවී ගොස් ඇති අතර ලොව වේගවත්ම බිංදු 25 වාර්තාව රැස් කිරීමට කුසල් මෙන්ඩිස්ට තව අවශ්ය වන්නේ එක බිංදුවක් පමණි.

කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් යනු ශ්රී ලංකාවෙ දැනට සිටිනා තරුණ ක්රීඩකයින් අතරින් හොඳම පිතිකරුවා බව හැමෝම අමතක නොකල යුතුය.අපගේ මතය නම් ඔහුට ලඟදීම විවේකයක් ලබාදී සුපුරුදු රිද්මයට පැමිණීමට කාලය ලබා දිය යුතුය.
🙁
💔

Post a Comment

0 Comments