මට කිව්වා "ඔයා කිසිදෙයක් වෙනස් කරන්නෙපා වන් ඩේ,T20 විදිහටම සෙල්ලම් කරන්න " කියලා

මම ඉස්කෝලේ යනකාලෙ ඉඳලා ක්‍රීඩා කරේ මේ ක්‍රීඩාංගනේ.මගේ පළවෙනි එක්දින තරඟයත් ක්‍රීඩා කරන්න ලැබුනේ මේ ක්‍රීඩාංගනේ.ඉතින්,ගොඩක් සතුටුයි මගේ දෙවෙනි ටෙස්ට් ටුවර් එක.ඒකෙත් මගේ ටෙස්ට් තරඟ දෙක මේ ක්‍රීඩාංගනේම ක්‍රීඩා කරන්න ලැබෙන එක ගැන.සවුත් අෆ්‍රිකා වලදි ලේසි උනේ නෑ දඟ පන්දු යවන්නන්ට.විශේෂයෙන් අපි ක්‍රීඩා කරපු ක්‍රීඩාංගන දෙකේ.එදා මම පුලුවන් තරම් උත්සාහ කරේ ෆාස්ට් බෝලර්ස්ලට තන තීරුව සුදුසු නිසා එයාලට මගේ සපෝට් එක දෙන්න.ඉතින්,ඒ සපෝට් එක දෙන ගමන්ම මට කඩුලු 4 ක් ආවා මගේ පලවෙනි තරඟයේම.

මම වන් ඩේ,T20 තමයි මුලින්ම සෙල්ලම් කරේ.ඊට පස්සෙ මම ටෙස්ට් තරඟ වලට එනකොට මට පුහුණුකරු කිව්වා "ඔයා කිසිදෙයක් වෙනස් කරන්න එපා,ඔයා වන් ඩේ,T20 බැට් කරපු විදිහටම ටෙස්ට් ක්‍රීඩා කරන්න.එහෙම උනොත් ඔයාට ලේසියි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ඉස්සරහට අරගෙන යන්න" කියලා.ඉතින්,මම පුලුවන් තරම් උත්සාහ කරන්නෙ ටෙස්ට් වලත් වන් ඩේ,T20 වල විදිහටම බැට්,බෝල් කරන්න.

ඇත්තටම ගොඩක් සතුටුයි මම උපන් ප්‍රදේශය ගාල්ල.මම එක්දින පලවෙනි තරඟය ක්‍රීඩා කරා ගාල්ලෙදි ඉතින්, ටෙස්ට් වලත් මගේ දෙවෙනි ටුවර් එක.ගොඩක් සතුටුයි ගාල්ලෙදි මට ක්‍රීඩා කරන්න ලැබෙන එක.ප්‍රේක්ෂකයන්ට එන්න පුලුවන් උනානම් ඒක තවත් ලොකු දෙයක්.

Post a Comment

0 Comments