ඕස්ට්‍රේලියා ක්‍රීඩකයන්ට ලංකාවේ දොරටුවත් වැසෙයි😮


පසුගියදා කොරෝනා නිසා මගින් නැවතුණු ඉන්දීය ප්‍රිමියර් ලීගය(IPL) සඳහා ඕස්ට්‍රේලියාවෙන් ක්‍රීඩකයින් ඇතුලු සාමාජිකයින් 38 ක් පමණ සහභාගී වී තිබුනා.

නමුත් තරඟාවලිය අතර මැදදී ඕස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලය ඔවුන්ට පවසා තිබුනේ IPL අතහැර ඉක්මනටම තම මව් රටට පැමිණෙන ලෙසයි.ඒ බව අසා ඇඩම් සැම්පා ඇතුලු ක්‍රීඩකයන් දෙදෙනෙකු ඕස්ට්‍රේලියාව බලා පිටත් වුවත් අනෙක් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් IPL අතහැර දමා යෑමට අකමැත්ත පල කෙරීය.

නමුත්,සතියක් යන්නටත් පෙර ඕස්ට්‍රේලියා රජය තීරණය කලේ ඉන්දියාවේ සිට කිසිවෙකුටවත් ඕස්ට්‍රේලියාවට නොපැමිණෙන ලෙසයි.එසේ පැමිණියහොත් වසර 5 ක සිරඳඬුවමක් මෙන්ම විශාල දඩයක්ද ගෙවීමට සිදුවන බවයි.ඒත් සමඟම වාගේ ඉන්දියාවේ IPL කණ්ඩායම්වල ක්‍රීඩයන්ටත් කොවිඩ් ආසාදනය වීම නිසා IPL තරඟාවලිය කල් දැමීමට ඉන්දියාව තීරණය කෙරීය.

නමුත්,IPL ක්‍රීඩා කල ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට තම මව් රටට යාමට ක්‍රමයක් නොමැතිව තවමත් ඔවුන් ඉන්දියාවේ රැදී සිටියි.ඔවුන්ට නිරෝධායනය කිරීම සඳහා ශ්‍රී ලංකාව හෝ මාලදිවයින තෝරාගන්නා බව පවසා තිබුණි.

අද දින ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විශේෂ තීරණයක් ගෙන තිබේ.ඒ අනුව ඉන්දියාවේ සිට පැමිණෙන කිසිඳු පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවට ඇතුලු වීම තහනම් කරන ලදී.ඒ අනුව ඉන්දියාවේ රැඳී සිටින ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වන අතර ඔවුන්ට මාලදිවයිනට යාමට සිදුව තිබේ.❤️🇱🇰👏

සල්ලි වලට ලෝභ කම් කිරීමට ගොස් ඔවුන්ට අවසානයට තම මව් රටට වත් යාමට නොහැකිවිය😐

Lions

Post a Comment

0 Comments