"IPL නිසා තමයි අද අපේ දුප්පත් පව්ල ජීවත් වෙන්නේ"🥺🥺

කොරෝනා ආසාදිතයින් කිහිපයක් වාර්තා වීම නිසා IPL තරඟාවලිය පසුගියදා අතරමග නවතා දැමීමට සිදු උනා.එහිදී IPL සඳහා පැමිණි සියලුම විදේශීය ක්‍රිඩකයන් ඊයේ දින ඉන්දියාවෙන් පිටත්කර හැර තිබුනා.

මෙවර IPL තරඟාවලියේ ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කල ඉන්දියාවේ දුප්පත් පව්ලකින් ආ චේතන් සකාරියා ගැනයි මේ කතාව👇

චේතන් සකාරියාගෙ පියාට අද දින කොරෝනා ආසාදනය වී ඇති බව දැන ගැනීමට හැකි විය.එයට පසු මාධ්‍යට අදහස් දක්වමින් අවට සිටි හැමෝගෙන්න ඇසට කඳුලක් එක් කිරීමට චේතන්ට හැකිවිය.

"අද මම වාසානාවන්ත උනේ මීට දින කිහිපයකට පෙර රාජස්තාන් කණ්ඩායම විසින් මගේ මුදල් කොටස ගෙවීමට කටයුතු කරපු බැවිනි.මම ඒ මුදල් කෙලින්ම අපේ ගෙදර අරන් ගියා.මගේ පව්ලේ අයට මේ තියෙන්නෙ ගොඩක්ම දුෂ්කර කාලයක්.ඒ සල්ලි අපිට ගොඩක් උපකාරී උනා.''

                       තව දුරටත් සකාරියා අදහස් දක්වමින් පවසා සිටියේ,මෙවර IPL නොතිබුනානම් ඔහුගේ තාත්තට ප්‍රතිකාර කරන්න විදිහක් නොමැති වන බවයි.

"මිනිස්සු කියනවා IPL නවත්තන්න කියලා.මට ඔවුන්ට යමක් කියන්න අවශ්‍යයි.මගේ පව්ලේ එකම ආදායම් මාර්ගය මමයි.මගේ එකම ආදායම් මාර්ගය ක්‍රිකට් පමණයි.IPL නිසා ලැබුණු සල්ලි වල  පිහිටෙන් තමයි අද මගේ තාත්තා බෙහෙත් ගන්නේ.මේ තරඟාවලිය මාසයක් වත් තිබ්බෙ නැති උනානම් මගේ පව්ලට එය ලොකු දුකක්  වෙන්නට තිබුනා.මම ආවෙ දුප්පත් පව්ලක ඉඳලා.මගේ තාත්තා මුලු ජීවිත කාලෙම මම වෙනුවෙන් ටෙම්පෝ පැදුවූවා.IPL නිසා මගේ ජීවිතේම වෙනස් වෙන්න ඉඩ තිබුනා." යනුවෙන් සකාරියා පැවසීය

"මගේ පරම්පරාවෙ මෙතරම් ලොකු මුදලක් ඉපැයූ එකම කෙනා මමයි.මගේ අම්මා කෝටියකට තියෙන බිංදු ගණනවත් දන්නෙ නෑ.අපේ පව්ලෙ ලොකුම බලාපොරොත්තුව තමයි මගේ තාත්තා ආයෙ සුවවෙලා ඇවිත් අපේ ගෙදර සම්පූර්ණයෙන්ම හදලා ඉවර කරන එක.හැබැයි ඒකට IPL පැවැතේය යුතුයි" යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

අපි හිතනවට වඩා IPL නිසා ඉන්දියාවේ ගොඩක් දුප්පත් පව්ල් දියුණු උනා.ඒක හොඳම උදාහරණේ තමයි පාන්ඩ්‍යා සහෝදරයෝ😔💔🏏

Lions

Post a Comment

0 Comments