එදා සුරංග ලක්මාල් කරපු වැඩේට සනත් ජයසූරිය දුක් වෙයි 😔💔

 


                එංගලන්තය සමඟ පසුගියදා පැවැති පලමු ටෙස්ට් තරඟය අතර තුරදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පෙලට දැවීගෙන යද්දී අපේ අතිරේක ක්‍රීඩකයින් ලෙස සිටි සුරංග ලක්මාල් ඇතුලු පිරිස කාමරය ඇතුලේදී  කාඩ් ක්‍රීඩා කරන අයුරු කැමරා කාචයේ දිස්විය.


''අපේ අතීත ක්‍රීඩකයින් කෙදිනකවත්  කරපු නැති ජරා වැඩක් වර්තමාන ක්‍රීඩකයින් සිදු කිරීම ගැන වේදනාවට පත් ලෙජන්ඩ් සනත්  ජයසූරිය මහතා  පහත පරිදි අදහස් දක්වා ඇත.😭

අපේ අතිරේක ක්‍රීඩකයන් තරඟය අතරතුර කාඩ් ක්‍රීඩා කරනවා දැකලා මම ඉතාම කණගාටුවට පත් වුනා.මේක කොහොමත් නිවැරදි දෙයක් නෙවේ.අපේ කණ්ඩායම ඒ වෙලාවෙ හිටියේ ඉතාමත්ම නරක තත්ත්වයක.මේ වගේ මොහොතකදි කණ්ඩායමේ සියලුම දෙනාගෙ උදව් අවශ්‍ය උන වෙලාවක්.මේක හරියට රෝමය ගිනි ගද්දි වීණා වාදනයා කලා වගේ වැඩක්"


- සනත් ජයසූරිය -

😔💔


Post a Comment

0 Comments